මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මෙරටින් හමුවූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1055ක් වෙද්දී පූර්ණ සුවය ලබා පිටව ගිය රෝගීන් ගණන 604ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. රෝගීන් 442 නෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. තවත් 139 දෙනෙකු පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි. මේ අතර පීසීආර් පරික්ෂණ සිදු කිරීම් තවදුරටත් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් පීසීආර් පක්ෂණ 1603ක් සිදුකළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීමේ සංඥාමාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දී තිබෙනවා. ජනතාව ගැවසෙන පොදු ස්ථාන සුපිරි වෙළෙදසැල් මෙන්ම කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් අදාළ සංඥා ඒ අනුව කටයුතු සම්පාදනය කර ඇත්තේ.
The post දැන් මෙරට COVID19 වෛරසය ක්‍රියාකාරී රෝගීන් ගණන 442යි appeared first on ITN News.
Post a Comment