සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව ප්‍රකාශ කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම ගැටලු සහගත බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා.
තවද මැතිවරණ කොමිෂන් සභාව ආදායම් අහිමි අඩු ආදායම්ලාභීන් අතර බෙදා දුන් රුපියල් 5000 මුදල බෙදා දීමට ද බාධා සිදු කරමින් සිටින බව රොමේෂ් ද සිල්වා
මහතා පවසා සිටියා.
මෙම පෙත්සම් සියල්ල ගොනු කර ඇත්තෙ යහපත් චේතනාවෙන් නොවන බවත් සියලුම දෙනාගෙ අරමුණ මැතිවරණය කල් දැමීම බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා . ඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා .
මේ අතර අද දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණි ද සිල්වා මහත්මිය සිය වාචික දේශන ආරම්භ කරමින් මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් කාලසීමාව ඉක්මවා මාස දෙකකට පසු බව සදහන් කර සිටියා . ඒ අනුව මෙම පෙත්සම් මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඊ ෆයිලින් (E-Filing) නැමැති ක්‍රමවේදය අනුගමනය කිරීමට පෙත්සම්කරුවන් අවස්ථාව තිබූ බව ඇය
පවසා සිටියා . ඒ අනුව ඇදිරි නීති කාලය තුළ ඒ ෆයිලින් ක්‍රමවේදය අනුගමනය කළ යුතුව තිබුණු බව ඇය වැඩිදුරටත් පවසා සිටියා .
තවද මැතිවරණ කටයුතු අත් හිටුවීමට නියෝග පෙත්සම්කරුවන් ඉල්ලා සිටියත් මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ පෙත්සමේ පාර්ශ්වයන් ලෙසට නම් නොකිරීමෙන් ඔවුන් කරුණු වසන්කිරීමක් සිදු කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා.
The post මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment