නව්‍ය කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා.
වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා.
මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.
වෛරසයෙන් සුවය ලැබූ වදුරන් 9 දෙනෙකුට ප්‍රති වෛරසය ලබාදී නැවත වෛරසයට නිරාවරණය කළ ද එම වදුරන් 9 දෙනාට නැවත වෛරසය ආසාදනය නොවූ බවයි එම පර්යේෂකයින් තවදුරටත් සදහන් කරන්නේ.
මෙම ප්‍රති වෛරසය කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.
The post COVID-19 සඳහා එන්නතක් : වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල appeared first on ITN News.
Post a Comment