Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය ඇමතිවරිය සහ කාදිනල් හිමිපාණන් අතර සාකච්ඡාවක්  

Add comments

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදැක සාකච්ඡාවක නිරත වුණා.

කොවිඩ් නයින්ටීන් ව්‍යසනයේ වත්මන් තත්ත්වය පිළිබද කාදිනල් හිමිපාණන් දැනුවත් කළ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛරසය මර්දනයට රජයක් ලෙස ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙහිදී සදහන් කළා.

එම ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරන බව පැවසූ අමාත්‍යවරිය ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් ජනතා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අගරදගුරු හිමිපාණන් හමුවේ සදහන් කළා.

කොවිඩ් මර්දන ක්‍රියාවලිය පැසසුමට ලක් කළ අගරදගුරු හිමිපාණන් එහිදී පෙරමුණ ගෙන කටයුතු කරන වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත් රජයටත් ස්තූතිය පළකළා. සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙස ද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

 

The post සෞඛ්‍ය ඇමතිවරිය සහ කාදිනල් හිමිපාණන් අතර සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG