රජයට අයත් භාවිතයට නොගෙන තිබෙන හා ඌණ උපයෝජිත ඉඩම් වගා කටයුතු මෙන්ම සත්ව පාලනය සදහා යොදා ගැනීම පිලිබද අවධානය යොමුව තිබෙනවා. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිලිබද සාකච්ඡාවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සදහා අතිශ්‍යයින් වැදගත් වන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්ම, වැවිලි, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්‍ර හදුනාගෙන තිබෙනවා. මෙම ක්ෂේත්‍රවල නිෂ්පාදන ඉහළ නැංවීම සදහා අවශ්‍ය භූමි හදුනාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කෙරුණා.
මෙරට ගෘහස්ථ ආදායම රුපියල් දස දහසකට වඩා අඩු පවුල් දෙලක්ෂ පනස් පන්දහස් හත්සිය තිස් එකක් සිටිනවා.රුපියල් දස දහසත් විසි දහසත් අතර ගෘහස්ථ ආදායමක් ලබන පවුල් සංඛ්‍යාව 568715 ක් මේ අනුව මෙරට පවුල් දස ලක්ෂයක පමණ ගෘහස්ත ආදායම වැඩිකර ගැනීම ආර්ථික පුනර්ජිවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉලක්කය බව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.
මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනය ගෙන වගා කටයුතු සිදු කිරීම, වගාව සදහා සුදුසු භෝග හදුනාගැනීම පිලිබදවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ඒ ඒ ආයතනවලට පවරා ඇති ඉඩම් ඵලදායි ලෙස යොදා ගැනීම ගෙවතු වගාව පුළුල් කිරීම, විවිධ ආයතනවලට අවිධිමත් ලෙස පවරා ඇති ඉඩම් නිෂ්පාදන කටයුතු සදහා යෙදවීම හා ධීවර කර්මාන්තයට ඵලදායි වැඩපිළිවෙලක් සකස් කිරීම පිලිබදවද සාකච්ඡා කර තිබෙනවා.
The post භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගාවටත් සත්ව පාලනයටත් යොදා ගන්න සැළසුම් appeared first on ITN News.
Post a Comment