Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම පාසලකටම උෂ්ණත්වය මැන බැලීමට, අත්සේදීමට උපකරණ මෙන්ම ගිලන් කාමරයක්  

Add comments

සෑම පාසලකටම ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ, අත්සේදීම සදහා සින්ක් මෙන්ම ගිලන් කාමරයක් බැගින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ සදහා දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැති බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක් වූ අමාත්‍යවරයා කියා සිටියේ දරුවන් 200 කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන එක් පාසලකට සෞඛ්‍ය පහසුකම් වර්ධනය සදහා රුපියල් 30000 ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බවයි. දිවයින පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 680 ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙල ගැන අසත්‍ය ප්‍රචාර පැතිර වීමෙන් වලකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී සියලු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිලිවෙල පිලිබද කරුණු විමසා බැලීමකින් තොරව අසත්‍ය ප්‍රචාර ගෙන යාම හෙළා දකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

The post සෑම පාසලකටම උෂ්ණත්වය මැන බැලීමට, අත්සේදීමට උපකරණ මෙන්ම ගිලන් කාමරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG