කෝවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය දිගුකාලීන පසුබෑමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මහාචාර්ය නෝරියල් රවුබිනි පවසනවා.
එය යථා තත්ත්වයට පත් වීම ද මන්දගාමීව සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අර්බුදය හේතුවෙන් අහිමිවන රැකියා නැවත ලැබීමේ ඉඩකඩ ද අවම බව ඔහු ප්‍රකාශ කරනවා.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 5,306,928 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 2,160,530ක්.
වෛරස ආසාදනය හේතුවෙන් මරණ 340,072ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
The post ලෝක ආර්ථිකය දිගුකාලීන පසුබෑමකට – ආර්ථික විශේෂඥයින් හෙළිකරයි appeared first on ITN News.
Post a Comment