Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණියකගේ ජීවිතය බේරාගන්න කොත්මලේ ජලාශයට පැන දිවි අහිමි වූ රිස්වාන් තරුණයාට විශේෂ උපහාර  

Add comments

ඉහළ කොත්මලේ ජලාශයට පැන තරුණියකගේ ජීවිතය බේරා ගැනීමට යාමේදී දිවි අහිමි වු තලවකැලේ ලිදුල එච් කේ රිස්වාන් තරුණයා වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විශේෂ උපහාරයක් දැක්වුවා.

රිස්වාන් මහතාගේ දේහය තැන්පත් කර ඇති පෞද්ගලික නිවස වෙත ගිය ආණ්ඩුකාර ලේකම් එම් ජී ඒ තිලකරත්න මහතා ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුකාරවරයා නියෝජනය කරමින් විශේෂ උපහාර තිළිණයක් පිරිනැමුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා විශේෂ මූල්‍ය ප්‍රදානයක් ද සිදු කෙරුණා. රිස්වාන් තරුණයාගේ ක්‍රියාව මෙහිදී ඇගයීමට ලක් වුණා. එහිදී ලිදුල පොලිස්ථානාධිපතිවරයා සිදු කළ මෙහෙය ද සිහිපත් කෙරුණා.

The post තරුණියකගේ ජීවිතය බේරාගන්න කොත්මලේ ජලාශයට පැන දිවි අහිමි වූ රිස්වාන් තරුණයාට විශේෂ උපහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG