නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ නව නායකත්වයට ටොඩ් මුලර් තෝරා ගැනුණා.
නව විපක්ෂ නායක ටොඩ් මුලර්හට පාලක කම්කරු පක්ෂයේ අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩේන් හට සාර්ථකව මුහුණදීමට හැකිවනු ඇති බවට ජාතික පක්ෂය විශ්වාසය පළකරනවා.
කෙසේ වුවද අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩේන් නවසීලන්තය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් වන අතර ඇයගේ ජනප්‍රියතාව 84% ක් තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා.
39 වන වියේ පසුවන ඇය පසුගිය වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා නව්‍ය කොරෝනා වෛරසය සාර්ථකව මැඩලීමට සමත්වීම ද ජනප්‍රියත්වය ඉහළ යාමට තුඩුදුන් කරුණු අතර වනවා.
The post ටොඩ් මුලර් නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ නව නායකත්වයට appeared first on ITN News.
Post a Comment