හොංකොං රාජ්‍යයේ දැනට ක්‍රියාත්මක ආරක්ෂාව පිළිබද නීති සංශෝධනය කිරීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.
චීනයේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ වාර්ෂික සැසිය අද ආරම්භ කෙරුණු අතර එහිදී මෙම යෝජනා ඉදිරිපත් කෙරුණා.
මෙම නව නීතිය යටතේ නැවත වරක් චීනය හොංකොං තම අධිකාරී බලයට නතුකර ගැනීමට සූදානම් වන බවටයි විශේලේෂකයින් පෙන්වා දෙන්නේ.
තනි රටක් වුවද පරිපාලන ක්‍රමවේද දෙකකට මැදිවූ රාජ්‍යයක් ලෙස හොංකොං හැදින්වෙනවා.
හොංකොං රාජ්‍ය පසුගිය වසරේ දී හදුන්වා දුන් උදර්පන නීතියට එරෙහිව එරට ජනයා රජයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරුණා.
හොංකොං රාජ්‍ය 1997 වසරේ සිට චීනය යටතේයි පාලනය වන්නේ.
The post හොංකොං රාජ්‍යයේ ආරක්ෂක නීති සංශෝධනය කිරීමට චීන රජය අතපොවයි appeared first on ITN News.
Post a Comment