Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙක් නාවික හමුදා භාරයට  

Add comments

මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ දී නාවික හමුදා භාරය ගෙන තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර
මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක සහිත යතුරු පැදි දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම යතුරු පැදිවල ගමන්ගත් පුද්ගලයන් සතුව තිබී නීති විරෝධී ලෙස මසුන් මැරීමට යොදා ගන්නා වොටර් ජෙල් කූරු 24ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 176ක්, අගල් 12ක දිගින් යුත් සේවා නූල් කොටස් 24ක් සහ අඩි 08ක් දිගැති සේවා නූල් එකක් (01) සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම යතුරු පැදි දෙකෙහි (02) ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙක් (03), අදාල පුපුරණ දුව්‍ය තොගය සහ යතුරු පැදි දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 21ත් 43ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ යතුරු පැදි ‍ ඉදිරි විමර්ෂණ කටයුතු සදහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතුකළ බවයි නාවික හමුදාව සදහන් කළේ.

The post පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG