කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් වූවන්ට සහන සැළසීම සඳහා ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසය සඳහා ලබාදීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ආදායම අහිමි වූ පවුල් හා ආබාධිත රෝගී හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අප්‍රේල් මාසයේ ලබාදුන් හා මැයි මාසයේ දැනට ලබා දෙන රුපියල් 5000 දීමනාව රජයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවක් බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
තනි පුද්ගලයින් , සිවිල් සංවිධාන පමණක් නොව තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ද මෙම කාර්ය දේශපාලනමය ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා කර ඇති බව එම කොමිසන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහෙයින් මෙම ආධාර ලබාදීම හරහා කිසිඳු ආකරයක දේශපාලන පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස අදාළ සියලු නිලධාරීන්ට එම කොමිසම දැනුම් දෙනවා. වසංගත තත්ත්වය පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට දෛනික කටයුතු ඉටු කර ගත හැකි තත්ත්වයක් පවතීනම් ජුනි මාසයේදී මෙම ආධාරය ලබාදීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සළකා බැලීම අත්‍යවශ්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ. එසේ සිදු කරන්නේ නම් එය රජයේ දේශපාලනයමය ව්‍යාපෘතියක් නොවන බවට ප්‍රදර්ශනය වීම අත්‍යවශ්‍ය බවද කොමිසම් සභාව පෙන්වා දෙනවා.
මෙම මූල්‍යාධාර ලබාදීම හරහා කිසිඳු දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ආධාර ලබාදීමේ වැඩසටහන්වලින් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වලින් ග්‍රාම නිලධාරීන් ස්වෙච්ඡාවෙන්ම ඉවත් වන සේ ක්‍රියාකර තිබීම පිලිබද ලැබී ඇති පැමීණිලි සම්බන්ධයෙන්ද නිසි අවධානය යොමුකරන ලෙසත් මැතිවරණය කොමිෂන් සභාව ජනාධිපති ,අගමැති,අමාත්‍ය මණ්ඩල ලේකම්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් කර තිබෙනවා.
The post පන්දහසේ දීමනාවට මැකෝ හරස්වෙයි appeared first on ITN News.
Post a Comment