මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික උත්සවයට සමගාමීව විදේශවලදී ද සැමරුම් උත්සව පැවැත්වුණා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී රණවිරු සැමරුම් උත්සව මාලාවක් පැවැත්වුණේ සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුවේ මෙහෙයවීමෙන්. වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙල්බර්න් නුවර ගෙලෙන් වෙවලි හිදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණා. කෝවිඩ් 19 වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාවේ මහජන ඒකරාශී වීම් සඳහා සීමා පනවා ඇති බැවින් මෙම රණවිරු සැමරුම් ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ එම නීතිරීතිවලට යටත්වයි. අන්තර්ජාලය ඔස්සේ සජීවීව මේ සඳහා සම්බන්ධ වෙමින් බොහෝ පිරිසක් තම නිවෙස්වල සිට රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීම විශේෂත්වයක් වුණා. වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් ජගත් ඩයස් යන මහත්වරුන් ද අන්තර්ජාලය ඔස්සේ මීට සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළා.
The post රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික උත්සවයට සමගාමීව විදේශවලදී සැමරුම් උත්සව මාලාවක් appeared first on ITN News.
Post a Comment