මාලිගාවත්ත ප්‍රදේශයේ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟ ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කර තිබෙනවා.
මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ නිවසක් අසලයි මෙම තෙරපීම සිදු වුණේ. එහිදී තුවාල ලැබූ 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. අදාළ නිවස අසළ මුදල් බෙදාදීමක් සිදු ව ඇති අතර ඊට සහභාගී වූ පිරිස මුදල් ලබාගැනීමට උත්සාහ දරණ අවස්ථාවේයි තෙරපීම සිදුව තිබෙන්නේ.
මෙම සිද්ධිය හේතුවෙන් ජුම්මා මස්ජීඩ් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදු කළ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කෙරේ appeared first on ITN News.
Post a Comment