Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්දපෝෂණයෙන් පෙළෙන රටවල කොරෝනා පැතිර යා හැකියි  

Add comments

ප්‍රමාණවත් පරීක්ෂාවන් මධ්‍යයයේ වුවද මන්දපෝෂණයෙන් පෙළෙන රටවල ජනගහනය අතර කොරෝනා වෛරසය පැතිර යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  පවසනවා.

එහිදී කොවිඩ් 19 රෝග ලක්ෂණ නොපෙන්නුවද රෝගය පැතිර යා හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. යේමනයේ දැනට පවතින මන්දපෝෂණ තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි එම සංවිධානය මේ බව  සඳහන් කර ඇත්තේ.   යේමනයෙන් කොවිඩ් 19 ආසාදිතයින් දස දෙනෙකු වාර්තා වී ඇති අතර  දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට පළමු කොවිඩ් 19 රෝගියා වාර්තා වූයේ  අප්‍රේල් 10 වනදායි. ඒ යේමනයේ අඩේන් ප්‍රදේශයෙන්. ඒ සමඟම එම ප්‍රදේශය වසා දැමීමට යේමන බලධාරීන් කටයුතු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් 19 වෛරසයෙන් යේමනයට දැඩි බලපෑම් එල්ලකරනු ඇති බවයි. එමෙන්ම අනෙකුත් රටවල් සමග සසදා බැලීමේදී එරට ජනතාවගේ ප්‍රතිශක්තීකරණය ද අවම මට්ටමක පවතින බවයි  එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

The post මන්දපෝෂණයෙන් පෙළෙන රටවල කොරෝනා පැතිර යා හැකියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG