Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලු හමේ අයිතිය ඉල්ලා සුදු හමේ පොලීසියට එරෙහිව ඇමෙරිකාව පුරාම දරුණු ගැටුම්  

Add comments

පොලිස් භාරයේ සිටියදී කලු ජාතිකයෙකු ඝාතනය කිරීමට විරෝධය පළකරමින් මේ වනවිට අඛණ්ඩව 6 වන දිනටත් ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා.

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු කලු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ කලු ජාතිකයින් අතර මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. මේ වනවිට ඇමෙරිකාවේ නගර 40 පමණ ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

උද්ඝෝෂකයින් කැරළි මර්දන පොලීසිය සමඟ දරුණු ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. ධවල මන්දිරය අසලට රැස්වුණු උද්ඝෝෂකයින් කලහකාරී ලෙස හැසිරෙන අයුරු එරට මාධ්‍ය වාර්තාකර සිටියා. නිව්යෝර්ක් , චිකාගෝ , පිලඩෙල්ෆියා හා ලොස්ඇන්ජලීස් යන නගරවල ගැටුම් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ. කඩ සාප්පු සහ පොලීසියට අයත් රථවාහන උද්ඝෝෂකයින් විසින් ගිනි තැබීමට ලක්කර ඇති අයුරු දක්නට ලැබුණා. ආරක්ෂක අංශ නිලධාරීන් පන්දහසක් පමණ මෙම කැරළි මර්දනය කිරීම සඳහා යොදා ඇති බවයි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

 

 

 

The post කලු හමේ අයිතිය ඉල්ලා සුදු හමේ පොලීසියට එරෙහිව ඇමෙරිකාව පුරාම දරුණු ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG