ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයට හා ප්‍රවාහන අංශ නවීකරණයට සහාය පළ කරන බව ඉන්දියාව පවසනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුව කොළඹදී පැවැත්වුණා. එහිදී IOC සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකිවලින් කිහිපයක් ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහාය දක්වන ලෙස අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බවයි අමාත්‍යාංශය පවසන්නේ. නව විදුලි බලාගාර පිහිටුවීමේදී ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ කිරීමට සූදානම් බව ද මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා. වව්නියාවේ සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉන්දියාව දැක්වූ සහායට අමාත්‍යවරයා ප්‍රසාදය පළ කළා.
The post ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍ර නවීකරණයට ඉන්දියාවේ සහය appeared first on ITN News.
Post a Comment