Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මී උණ ගැන සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්  

Add comments

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කිරීමත්, රට පුරා පුරන්කුඹුරු අස්වැද්දවීමට ඇති නැඹුරුවත් සමඟ මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය ද රෝගය ව්‍යාප්තවීමට හේතුවක් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. බැක්ටීරියාවක් මගින් සෑදෙන මී උණ රෝගය මීයන්, ඌරු මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගේ මුත‍්‍රා සමඟ පරිසරයට නිදහස් කෙරෙනවා. කුඹුරු, දියකඩිති, දියඅගල් සහ ඕවිටි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම බැක්ටීරියාව සජීවීව බහුල වශයෙන් රැඳී තිබෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

ශරීරයේ කැපුම්, සීරීම්, තුවාල සහ ඇස්, කට වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථානවල ගැටීමෙන් මිනිස් සිරුරු වලට ඇතුලු වනවා. හදිසියේ ඇති වන තද උණ සහ මස්පිඬු වේදනාවයි මී උණ රෝගයේ ප‍්‍රධානම ලක්ෂණ. ඇස් රතු පැහැවීම, වමනය, හිසරදය, මුත‍්‍රා තද පැහැයක් ගැනීම සහ මුත‍්‍රා පිටවීම අඩුවීම ද රෝග ලක්ෂණ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මී උණ බහුලව පවතින ප‍්‍රදේශවල කුඹුරු ගොවිතැන්වල නිරත අවදානම් ඛාණ්ඩ සඳහා ලබාදෙන ඖෂධය ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සතියකට එක් වරක් ලබාගන්නා ලෙස ද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

The post මී උණ ගැන සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG