මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර හා නිශාන්ත සේනාරත්න යන දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) භාරවුණා.
රැදවියන්ට විශේෂ පහසුකම් සැළසූ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.
මෙම ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා මෙන්ම මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හා ජේලර් කාලිංග කලුඅග්ගල යන සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22 වනදා වරෙන්තු නිකුත් කළා. හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කලුඅග්ගල පසුගිය 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවුණා. අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
The post මීගමුවේ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා 4 වනදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment