පවතින අධික වැසි සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික් 5 කට නායයාමේ අවදානම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කොළඹ , කලුතර , කෑගල්ල , රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්වලට නායයාමේ අවදානම් නිකුත් කර ඇති අතර එය හෙට උදෑසන 9 තෙක් බලපැවැත්වෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ ප්‍රදේශයට මිලිමීටර 160 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එම මාර්ගයේ ගමන්ගන්නා රථ වාහන පින්නදූව හා ඉමදූව පිටවීමේ දොරටුවලින් ගමන් කරවීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
The post දිස්ත්‍රික් 5 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment