Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම හෙටට කල් යයි  

Add comments

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනුණා. නව පෙත්සම හෙට සළකා බැලීමට නියමිතයි.

මෙම නඩුව අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ නව පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි. නීතිපතිවරයා වෙත එම ලේඛන ලබාදී නැත්නම් එය සළකා බලන්නේ කෙසේදැයි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා. ඒ අනුව නව පෙත්සමක් අද දිනය තුළ ගොනු කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරුණේ. එය හෙට පස්වරු දෙකයි තිහට  සළකා බැලීම සඳහා කැඳවන බවද නිවේදනය කළා. මේ අනුව කලින් ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනුණා. රැඳවූවෙකුට ශීතකරණයක් ලබා දීමේ සිද්ධියක් මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝග ද ලබාගෙන තිබෙන බව පෙත්සම්කරු පවසනවා.

 

 

 

The post අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම හෙටට කල් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG