Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ  

Add comments

පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා.

පවතින තත්ත්වය මත ආදායම සියයට 50කටත් වඩා අඩු වුවද මෙම අවස්ථාවේ බස්ගාස්තු සංශෝධනයක් කිසිසේත්ම කළ නොහැකි බවයි අමාත්‍යවරයා බස් සංගම්වලට අවධාරණය කර ඇත්තේ.

පෞද්ගලික බස් රථ සංගම් සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව අවධාරණය කළේ. කෙසේ වෙතත් බස් සංගම්වල ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කෙරුණා. ඒ අනුව රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම සිදු කෙරෙනවා.

කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීමට ද අවශ්‍ය මූලික පියවර ගෙන අවසන්. ජාතික ගමනාගමන කොමිසම අන්තර් පළාත් බස් රථ සදහා ලොග් සීට් ගාස්තු අයකිරීම මාස 6කට අත්හිටුවා තිබෙනවා. ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකව අය කරන මුදල ද මාස 6කට අතිහිටුවීමටයි කටයුතු කර ඇත්තේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට අහිමිවී ඇති ආදායම රුපියල් මිලියන 200ක්.

සුළු වැරදි කරන අය සඳහා දඩ මුදල් අයකිරීම ද තාවකාලිකව නතර කෙරුණා. මේ අතර පෞද්ගලික බස් රථ සියයට 50කින් ධාවනය නොවුනද සියලුම ලංගම බස් රථ ධාවනයට යොදවන්නැයි අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ලංගම බස් රථ 5300ක් ධාවන කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.

 

The post බස් ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG