සිරියාවේ යුද ගිනි දැල් හා ආර්ථික අර්බුද හමුවේ මහ මැතිවරණය අද ආරම්භ වුණා.
පසුගිය අප්‍රේල් මාසයේ දී මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වෛරසය හේතුවෙන් එය කල් දැමුණා. රජයේ පාලනය පවතින ප්‍රදේශවල ඡන්ද විමසීම පැවැත්වෙනවා. අපේක්ෂකයන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඒ සඳහා ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 2011 වසරේ දී සිරියාව තුළ ආණ්ඩු විරෝධී ගැටුම් ඇතිවීමෙන් පසු පවත්වන ලබන තුන්වන මැතිවරණය මෙයයි. වර්තමාන ජනාධිපති බෂර් අල් අසාද් වසර විස්සක සිට සිරියාව පාලනය කරන අතර ඔහුගේ පක්ෂය මහ මැතිවරණයෙන් ජය ගනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.
The post සිරියාවේ මහ මැතිවරණය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment