Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපයේ සහ ජවිපේ සාමාජිකයින් සිය ගණනක් පොදුජන පෙරමුණට එක් වෙයි  

Add comments

හම්බන්තොට මුල්කිරිගල, තංගල්ල සහ බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිය ගණනක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමුවීමෙන් පසු ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කළා. සිය ගම්මානවල සංවර්ධන කාර්යයන් කඩිනමින් සිදුකළ හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයකට බැවින් තමන් ඊට සහාය දැක්වීමට තීරණය කළ බවයි මෙම ජනතාව සඳහන් කළේ. තරුණ ඡන්ද දායකයන් රැසක් නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට එක්වීම විශේෂත්වයක්.

මේ අතර රක්වාන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් 400 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ සමග එක්වුණා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඇති බැවින් තමන් ජනාධිපතිතුමාට ශක්තියක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ බවයි ඔවුන් කියා සිටියේ.

 

 

***දර්ශන/14.14/ගිහාන්

 

The post එජාපයේ සහ ජවිපේ සාමාජිකයින් සිය ගණනක් පොදුජන පෙරමුණට එක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG