Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අරඹයි  

Add comments

මෙවර යල කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම රජය ආරම්භ කරයි.

ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් පන්දහසක් මිලදී ගැනීමට රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති බැවින් අඩු මිලට ව්‍යාපාරිකයන්ට වී අලෙවි කිරීම වළක්වාලමින් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වී අලෙවි මණ්ඩලය හරහා අස්වනු මෙට්‍රික් ටොන් තිස් දහසක් මිලදී ගැනීමට නියමිතයි. නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් පනහක ස්ථාවර මිලකටද තෙත වී කිලෝග්‍රෑම් එකක් රුපියල් හතළිස් හතරකටද මිලදී ගැනෙනවා. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා 30 ක් පමණ මේ වන විට සූදානම් කර ඇත්තේ ගොවීන්ගේ වී අස්වනු ගබඩා කිරීම සඳහායි.

 

 

The post පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG