මහජන සෞඛ්‍ය වෙනුවෙන් සීමා පැනවීමට බලධාරින්ට හැකියාව පවතින බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා.
ඇතැම් රටවල විරෝධතා ව්‍යාපාර ආරම්භ වීතිබෙනවා. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වේගවත් වීමට එය ප‍්‍රධාන සාධකයක්. එවැනි අවස්ථා නතර කිරිම සඳහා පියවර ගත යුතු බවයි ජගත් සංවිධාන මානව හිමිකම් කමිටුව සදහන් කළේ. ඒ විශේෂ රැස්වීමකට එක්වෙමින්.
දේශපාලන අයිතිවාසිකම් ලබාදීම මූලික අවශ්‍යතාවක්. එහෙත් එමගින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් ඇති නොවිය යුතු බවත් නියෝජිතයන් පෙන්වා දුන්නා.
කෙසේවෙතත් බලය අනිසි ලෙස භාවිත කිරිමෙන් වැළකී සිටිය යුතු බවයි ඔවුන්ගේ අදහස.
The post සෞඛ්‍ය වෙනුවෙන් සීමා පැනවිය යුතු බව ජගත් සංවිධානයෙන් ප‍්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment