ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශකවරයා මෙරට නව නාවික හමුදාපතිවරයා හමු වුණා.
නව උපදේශක කපිතාන් විකාස් සූඩ් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතර හමුව සිදුවූයේ නාවික හමුදා මූලස්ථානයේදීයි.
ශ්‍රී ලංකාවේ 24 වන නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගත් උළුගේතැන්න මහතාට සිය ප්‍රණාමය පිරිනැමීමට ද නව ආරක්ෂක උපදේශකවරයා මෙහිදී පියවර ගත්තා.
දෙරට අතර පවත්නා දිගුකාලීන සබදතාව පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.
The post ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.
Post a Comment