ඇමෙරිකා එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් ප්‍රදේශයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර සති කිහිපයක් පුරා පැවති ගැටුම්වලින් අනතුරුවයි.
පෝට්ලන්ඩ් ප්‍රදේශයේ ෆෙඩරල් ගොඩනැගිලි ආරක්ෂා කිරීම එහි පොලීසියට භාර කෙරෙන බවයි ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් චැඩ් වුල්ෆ් සඳහන් කළේ. පසුගිය දින 62 ක කාලය තුළ පෝට්ලන්ඩ් හි අඛණ්ඩවම විවිධ උද්ඝෝෂණ පැවැත්වුණා. මෙම උද්ඝෝෂණ වර්ගවාදයට එරෙහිව සංවිධාන වූ ඒවා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
The post පෝට්ලන්ඩ් ප්‍රදේශයෙන් හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් තීරණය කරයි appeared first on ITN News.
Post a Comment