උතුරු කොරියාවෙන් හමුවූ කෝවිඩ් ආසාදිතයෙකු යැයි සැක පුද්ගලයා දකුණු කොරියා පොලීසිය සොයමින් සිටින පුද්ගලයෙක්
උතුරු කොරියාවෙන් හමු වී ඇති කෝවිඩ් ආසාදිතයෙකු යැයි සැක කෙරෙන පුද්ගලයා දකුණු කොරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයෙක් බවට තොරතුරු හෙළිව තිබෙනවා.
එම පුද්ගලයාට ලිංගික අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති හෙයින් අත්අඩංගුවට ගනී යැයි බියෙන් ඔහු උතුරු කොරියාවට පළාගොස් ඇති බව දකුණු කොරියා පොලීසිය පවසනවා. ඔහු දකුණු කොරියාවේ ඉන්චියෝන් ප්‍රදේශය හරහා උතුරු කොරියාවට පළා ගොස් ඇති අතර දේශසීමාව අසළ තිබී අත්හැර දමන ලද මල්ලක් ද හමු වී තිබෙනවා. නමුත් එම පුද්ගලයා වෛරස ආසාදිතයෙක් ලෙස දකුණු කොරියාවේ ලියාපදිංචි වී නොසිටි බව සඳහන්. තම රට තුළ කිසිදු කෝවිඩ් ආසාදිතයෙක් හමු නොවූ බව උතුරු කොරියාව මීට පෙර පවසා සිටියා.
The post උතුරු කොරියාවෙන් හමුවූ කෝවිඩ් ආසාදිතයෙකු යැයි සැක පුද්ගලයා දකුණු කොරියා පොලීසිය සොයමින් සිටින පුද්ගලයෙක් appeared first on ITN News.
Post a Comment