චීනයෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවතත් සැළකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
චීනයේ ලියොනිං පළාත නැවතත් වසා දැමීමට කටයුතු කෙරුණේ වාර්තා වූ නව ආසාදිතයින් හැටඑක් දෙනෙකු හේතුවෙන්. මෙම පිරිසෙන් 57 දෙනෙකුම චීන ජාතිකයන් වන අතර ඔවුන් සමාජය තුළින් හඳුනා ගත් ආසාදිතයන් ලෙසයි සැළකෙන්නේ. ඊයේ දිනය තුළදීත් චීනයෙන් කිසිඳු කෝවිඩ් මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්. මේ වන විට චීනයෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 83,891ක් දක්වා ඉහළගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 4,634 ක්.
The post චීනයෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවතත් ඉහළට appeared first on ITN News.
Post a Comment