මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහුට විරුද්ධව විභාග වන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
2018 වසරේ පැවති මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පරාජයට පත්වීමෙන් පසු ඔහුගේ පාලන සමයේදී සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව වත්මන් රජය නඩු පවරනු ලැබුවා. එහිදී මැලේසියා සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ වන් එම් ඩී බී ආයතනයට අයත් ඩොලර් බිලියන 4.5 ක් වංචා කළ බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ. ඉන් ඩොලර් බිලියනයක් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමේ තිබී එරට අපරාධ විමර්ශන අංශය සොයා ගනු ලැබුවා. මෙම නඩුවෙන් වරදකරු වුවහොත් ඔහුට අවුරුදු 15 ත් 20 ත් අතර කාලයකට සිරදඬුවම් නියම වනු ඇති බවටයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.
The post මැලේසියා හිටපු අගමැතිට එරෙහි නඩුවේ තීන්දුව අද appeared first on ITN News.
Post a Comment