ඉරාක ආරක්ෂක අංශ හා උද්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාස ගණනක් පුරා ඉරාක රජයට විරුද්ධව එරට ජනතාව උද්ඝෝෂණවල නිරත වන අතර මරණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා. ඉරාක රජය ක්‍රියාත්මක කර ඇති විදුලි කප්පාදුවට එරෙහිවයි මේ වන විට එරට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන්නේ. උද්ඝෝෂකයන් වෙත ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි ඉරාක මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ. කෙසේ වුවද මෙම අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙස එරට අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post ඉරාක ආරක්ෂක අංශ හා උද්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment