ඊයේ දිනය තුළදී PCR පරීක්ෂණ 1,410 ක් සිදුකෙරුණා. ඒ සමඟ මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 15365ක් දක්වා ඉහළ ගියා.
මේ වනවිට ත්‍රිවිද හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 38 ක් තුළ පුද්ගලයින් 3,409 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. නිරෝධායනය අවසන් කළ 27,105 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. යුද හමුදාව මඟින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද දිනයේ ද පුද්ගලයින් 171 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.
අද උදෑසන දෝහා සිට පැමිණි 10 දෙනෙකු ද නිරෝධායනයට යොමුකළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
මේ අතර තංගල්ල ධීවර වරාය හා බස්නැවතුම්පොළ ආශ්‍රිත ප්‍රදේශවලින් අහඹු ලෙස තෝරාගත් 43 දෙනෙකුගේ PCR පරීක්‍ෂණ සිදු කෙරෙනවා. ඒ සඳහා සාම්පල ලබා ගැනීම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මියගේ මැදිහත්වීමෙන් සිදුකෙරුණා.
The post ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 1,410ක් appeared first on ITN News.
Post a Comment