කළුතර බන්ධනාගාර සැකකරුවන් දෙසට සැක කටයුතු පාර්සලයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර අධිකරණ සංකීර්ණය වෙත සැකකරුවන් සහ වැරදිකරුවන් පිරිසක් රැගෙන විත් ඔවුන් යළි බන්ධනාගාර බස් රථයට නංවමින් සිටියදී සැක කටයුතු පාර්සලයක් ඔවුන් දෙසට විසි කර තිබෙනවා. එසේ පාර්සලය විසි කළ පුද්ගලයා ලුහුබැද ගොස් අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එහිදී පොර බැදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
The post බන්ධනාගාර සැකකරුවන් දෙසට පාර්සලයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment