හොලිවුඩ් වකන්ඩා අධිරාජ්‍යයේ සුපිරී වීරයා මිය ගොස් තිබෙනවා. සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රඟපෑ චැඩ්වික් බෝස්මන් වන ඔහු පිළිකා රෝගයකින් මිය ගිය බවයි නිවේදනය කර තිබුණේ. 43 හැවිරිදි ඔහු ලොස් ඇන්ජලිස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මිය ගිය බවයි සඳහන් වන්නේ. පිළිකා රෝගය සුව කරගැනීම සඳහා දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වූ බවද වාර්තා වනවා. 2013 වසරේ බේස්‍බෝල් ශූර ජැකී රොබින්සන්ගේ චරිතයට පණ පෙවීම හේතුවෙන් ප්‍රකට වූ චැඩ්වික් වඩාත් ප්‍රකට වූයේ 2018 වසරේ ඔහු රඟපෑ බ්ලැක් පැන්තර් චිත්‍රපටයෙන්. බ්ලැක් පැන්තර් ඔස්කාර් සම්මාන සහා නම් කෙරුණු ප්‍රථම සුපිරි වීර චරිත චිත්‍රපටයයි.
The post සුපිරි හොලිවුඩ් නළු බෝස්මන් ජීවිත සිනමාවට සමුදෙයි appeared first on ITN News.
Post a Comment