Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පර්මිට් හිමියන්ට ලැබෙන අලුත්ම සහනය මෙන්න  

Add comments

සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපයීමේ යෝජනා ක්‍රමයක් ගෙන ඒමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රසාදය පළ කරනවා.

බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍රය භාවිත කර මෙරට ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ හෝ කැබ් රථ අදාළ බදු සහනයට සමාන මුදලක් අඩුකර වෙළදපොල මිලකට ලබාගැනීමට හැකියාව පවතිනවා. ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කෙරුණා. නව්‍ය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ ඇති වූ ආර්ථික ගැටලුවලට නව තීරණය යහපත් විසඳුමක් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරනවා.

මේ අතර වාහන ආනයන කරුවන්ට දේශීයව වාහන එකලස් කොට ආරම්භයේදී ඒ සදහා 30% ක දේශීය කොටස් යොදා ගත හැකි බව පැහැදිලි කර දුන්නේයැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

The post පර්මිට් හිමියන්ට ලැබෙන අලුත්ම සහනය මෙන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG