දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා.
මරදාන පිහිටි එම අමාත්‍යාංශයේ දී ලේකම්වරිය සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. කුමාරි වීරසේකර මහත්මිය වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය මෙන්ම වයඹ පළාත් සභාවේ අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධුරය හොබවා තිබෙනවා. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක්. අමාත්‍යාංශ අතිරේක ලේකම් පුෂ්පලතා මැණිකේ, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති නිතීඥ සාගලා රත්නායක යන මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post කුමාරි වීරසේකර මහත්මිය සිය ධූරයේ රාජකාරී අරඹයි appeared first on ITN News.
Post a Comment