කොවිඩ් වෛරසයේ මූලාරම්භය සිදුවු චීනයේ වූහාන් නගරයේ සියලුම පාසල් සැප්තැම්බර් මස පළමුදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවූ නගරය වන වූහාන් හි පාසල් සහ අධ්‍යාපන ආයතන 2842 ක් මෙලෙස අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට අමතරව වූහාන් නගරයේ විශ්වවිද්‍යාල ද ලබන සඳුදා දිනයේ විවෘත කිරීමට නියමිතයි. වෛරස් ව්‍යාප්තියේ ආරම්භය සිදුවූ චීනය මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවන රටවල් අතර පසුවන්නේ 34 වන ස්ථානයේයි.
The post වූහාන් නගරයේ සියලුම පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment