පකිස්ථානයේ කරච්චි නුවර ඇති වූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගියා.
වසර 90 කට පසු ඉහළම වර්ෂාපතය වන මිලිමීටර් 230 දශම පහක වර්ෂාපතනයක් පකිස්ථානයේ කරච්චි නුවරට ඇද හැලෙමින් පවතිනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර විදුලිය මෙන්ම දුරකතන සන්නිවේදන සබඳතා ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.ජල ගැලීම හේතුවෙන් නිවාස බිත්ති කඩා වැටීම ආදී හේතුවෙන් ජීවිත හානි ඉහළ ගොස් තිබෙනවා. කරචිචි නුවර පිහිටි පකිස්ථාන මහබැංකුවද කොටස් වෙළඳපලද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
The post කරච්චි නුවර ඇති වූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment