ගිනි අවි 05 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු දැරණියගල මල්ආර හා දෙබරවැව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
දැරණියගල ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදීයි. පතොරොම් කොපු 48 ක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මෙරට නිශ්පාදිත ගිනි අවි දෙකක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු හම්බන්තොට හැඩිල්ල මල්ආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා. සැකකරුවන් ගොන්නෝරුව පදිංචිකරුවන් බවයි වැටලීම සිදුකළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේ. මේ අතර තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී විදේශ රටක නිශ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව පූවරසන්කුලම් ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 85 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ලොරි රථයකින් මෙම ගංජා ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ.
The post ගිනි අවි 05 ක් සමග 5 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment