පසුගිය 17 වනදා සමස්ථ දිවයිනේම විදුලිය බිද වැටීමට හේතුව විදුලි අධිකාරීවරයකුගේ අතපසුවීමක් බව විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව අද (28) සදහන් කළා.
සතියක් තුළ කරුණු විමර්ශනය කළ මෙම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පියවර ගත්තා.
පසුගිය 17 වනදා දහවල් 12.30 ට පමණයි මෙම හදිසි විදුලි බිදවැටීම සිදු වුණේ. කෙලවරපිටිය ග්‍රීඩ් උපපොලේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ. කෙසේ වුවද මෙම හදිසි විදුලි බිදවැටීම හේතුවෙන් මහජනතාව මෙන්ම ව්‍යාපාරිකයන්ද අපහසුතා රැසකට මුහුණ දුන්නා. පසුව පැය කිහිපයක් තුළ විදුලි බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළා.
අනතුරුව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමටයි පියවර ගත්තේ. මහාචාර් රාහුල අතලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත වුණා. කෙසේ වුවද පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ අදාළ සිද්ධියට වගකිවයුත්තේ විදුලිබල අමාත්‍යාංශය බවට අනාවරණය වුවහොත් තමා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
විදුලිය බිද වැටීම පිලිබද සොයා බැලීමට පත් කළ කමිටු සාමාජිකයන් අද (28) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කමිටු වාර්තාව පිළිබද අදහස් පල කළා.
The post විදුලිය බිද වැටීමට සම්බන්ධ විදුලි අධිකාරීවරයා කිවූ දේ appeared first on ITN News.
Post a Comment