ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගියා. එම ප්‍රාන්තයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව රුසියාවේ සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාවත් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
අඛණ්ඩව තුන්වන දිනටත් ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනූදහස ඉක්මවා තිබෙනවා. ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. ආර්ථික කටයුතු සදහා නගර යළි විවෘත කිරීම ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට මූලික කාරණය වී ඇති බව විශ්ලේෂකයින් පවසනවා.
The post මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 පනී appeared first on ITN News.
Post a Comment