Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්  

Add comments

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 22 වනදා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙහි 14 වන සැකකරු ලෙස නම් කෙරුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන උදාර සම්පත් නමැත්තා සිම්කාඩ් 55 ක් තුළින් විශාල සන්නිවේදන ජාලයක් සකස් කර ජාවාරම මෙහෙයවා ඇති බවයි අධිකරණය හමුවේ අද හෙළිවුණේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා අධිකරණයට අද ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍යාරක්‍ෂිත පියවරක් ලෙසයි. මෙම 13 දෙනාට අමතරව තවත් නිලධාරීන් 12 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු 13 දෙනාට ඇප ලබා දීම පිළිබඳ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ලබන බ්‍රහස්පතින්දා තෙක් කල් ලබා දෙන්නැයි පීරිස් මහතා කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නා. මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වැයකර විශාල දේපළක් අත්පත්කරගෙන තිබෙන බව ද දිලීප පීරිස් මහතා පැවසුවා. ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් විමර්ශනය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් එක් සැකකරුවෙකු රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 17 දක්වා උපයා ඇති බව මීට පෙර විමර්ශනවලදී හෙළි කෙරුණා. සැකකාර පොලිස් පරික්‍ෂක උදාර චතුරංග ළග තිබී වාහන 4 ක් අත්අඩංගුවට ගැනුණා.

 

The post නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG