වයස අවුරුදු දාහතක පිරිමි දරුවෙකු අත්පා ගැට ගසා ගලාගෙන යන දිය පහරකට දැමීමෙන් දින තුනකට පසු සිරුර සොයා ගැනීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පාදුක්ක පොලිස් වසමට අයත් ලියන්වල ප්‍රදේශයේ පුස්වැලි ඔයේ අතු ශාඛාවකටයි මෙම දරුවාගේ අත් පා ගැට ගසා දමා ඇත්තේ. ඔහුගේ මවගේ අනියම් පුරුෂයා පා පැදියක නංවාගෙන මෙම දරුවා ලදු කැළෑවකට රැගෙන ගොස් බියර් පොවා මත් කොට අත් පා ගැට ගසා දිය පහරට විසි කළ බව හෙලිවී තිබෙනවා. මෙම දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදීස සැක සහිත පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුණා. කබරයන් කා දමන ලද සිරුර අද පෙරවරුවේ සොයා ගත් බවයි පාදුක්ක පොලීසිය සඳහන් කළේ.
The post අතුරුදන් වූ පිරිමි දරුවෙකුගේ දින තුනකට පසු සිරුර සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment