Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් 130 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

නුගේගොඩ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් 130 ක් සමග සැකකරුවෙකු මිරිහාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 520 ක් සමග තවත් සැකකරුවෙකු පෑලියගොඩ නුගේපාර අනූව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

ගංජා කිලෝ ගෑම් දෙකයි ග්‍රෑම් අටසීයක් සමග සැකකරුවෙකු තලංගම උතුවංකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනේ නුගේගොඩ දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් සමග පුද්ගලයින් 4 දෙනෙකු මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ඔවුන් ළග තිබූ කේරළ ගංජා ග්‍රෑම් 330 ක්, ත්‍රි රෝද රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 4 ක් ද පොලිස් භාරයට ගැණුනා.

The post හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් 130 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG