Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමර්ශන අවසන් කළ වැලිකඩ සිද්ධිය යළි එළියට ගත්තේ යහපාලනයේ බලපෑමෙන් – පූජිත් තවත් රහසක් හෙළි කරයි  

Add comments

2012 වසරේ නොවැම්බර් දහවනදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලේදී රැදවියන් විසිහත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර තිබූ පසුබිමක යහපාලන ආණ්ඩු සමයේදී යළි එම විමර්ශන කටයුතු ආරම්භ කළේ හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් මහතාගේ බලපෑම මත බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ පිළිගත්තා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරුණු අතර ඔහු ඊයේ (22) පළමු වරට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂි විමසීම ආරම්භ කරමින් කොමිසම විමසා සිටියේ යහපාලන රජය සමයේ පොලිස්පතිවරයා ලෙස ඔබ නැවත වැලිකඩ බන්ධනාගාර සිදුවීම පිළිබඳ විමර්ශන ආරම්භ කළේ ද යන්නයි. පූජිත් ජයසුන්දර මහතා සදහන් කළේ හිටපු අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති දුෂණ විරෝධී කමිටු රැස්වීමකින් අනතුරුව එතුමා එවූ ලිපියක් අනුව වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාළව නැවත පරීක්ෂණ ආරම්භ කරන ලෙසට උපදෙස් ලැබුණු බවත් ඒ අනුව 2017 වසරේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත මෙම සිදුවීමට අදාළව විමර්ශන ආරම්භ කරන ලෙස දැනුම් දුන් බව පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළා.

නැවත කොමිසම විමසා සිටියේ දේශපාලන ලිපියක් මත මෙම විමර්ශන කටයුතු නැවත ආරම්භ කළේ ද යන්නයි. වර්තමානයේ කරුණු සළකා බැලීමේදී එය එසේ සිදුවන්නට ඇතැයි තමාට හැඟි යන බව පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළා. එමෙන්ම දුෂණ විරෝධී කමිටු රැස්වීම්වලට තමා සහභාගී වූ බවත් ස්වාමිනාදන් මහතා මෙම පරීක්ෂණ නැවත ආරම්භ කිරීමට මෙම ලිපිය සකස් කර ඇත්තේ එම කමිටුව මඟින් ගත් තීරණයකින් විය හැකි බවත් ජයසුන්දර මහතා සඳහන් කළා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා එහිදී ප‍්‍රශ්න කළේ නැවත මෙම පරීක්ෂණ ආරම්භ කිරීම පිටුපස යම් විදේශීය බලපෑමක් තිබුණේ ද යන්න සහ  ”යහපාලන ආණ්ඩු සමයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නිලධාරීන් ලංකාවේ වරින් වර සංචාරය කළා. 2017 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ දෙවන සැසිවාරය ආරම්භ වීමට ප‍්‍රථමයෙන් වැලිකඩ බන්ධනාගාර සිද්ධිය පිළිබඳ නැවත පරීක්ෂණ ආරම්භ කිරීම සහ විදේශීය මානව හිමිකම් සමුළුවත් අතර යම් සම්බන්ධතාවක් තිබෙන බව ඔබගේ දැනුම අනුව පැහැදිලි වනවා නේද” යනුවෙන් සභාපති විනිසුරුවරයා විමසුවා.

ඊට පිළිතුරු ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ එය එසේ විය හැකිය යන්න තමාට දැන් හැඟි යන බවයි. දේශපාලන මැදිහත්වීමක් මත නැවත වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම ඔබ අනුමත කරන්නේද යන්න එහිදී කොමිසම විමසා සිටියා.

කිසිසේත්ම එවැනි දේශපාලන මැදිහත්වීමක් තමා අනුමත නොකරන බව පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කළා.

 

The post විමර්ශන අවසන් කළ වැලිකඩ සිද්ධිය යළි එළියට ගත්තේ යහපාලනයේ බලපෑමෙන් – පූජිත් තවත් රහසක් හෙළි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG