Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි  

Add comments

මෙරට 13 වන කොවිඩ් 19 මරණය අද පස්වරුවේ වාර්තා වුණා.

වයස අවුරුදු 60 ක නැවියෙකුයි කොරෝනා ආසාදනය වීමෙන් මෙලෙස මරණයට පත්වුණේ. බහරේන් හි සිට පැමිණි ඔහු නිරෝධායනයට ලක් වෙමින් සිටියදී කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ඔහු හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇත්තේ පසුගිය 09 වනදායි. කොරෝනා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා මරණයට ආසන්නතම හේතුව වශයෙන් සඳහන්ව  ඇත්තේ හෘදයාබාදයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ලගයින්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3,235ක්. ඉන් 3,005 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. 217 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

The post මෙරට 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG