උතුරු දකුණු භේදයක් නොමැතිව සියළු ජනතාවට ප්‍රතිචාර හිමිවෙන වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
යාපනය චුන්නාක්කම් දකුණ සභාපති පිල්ලේ ප්‍රදේශයේ නිවාස අහිමිවූවන්ගේ කඳවුර නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. කදවුර නිරීක්ෂණය කිරීමෙන් පසුව අවතැන් ජනතාව වෙනුවෙන් යාපනය තෙල්ලිපලෙහි මයිලඩි ප්‍රදේශයේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. අවස්ථාවාදී ඇතැම් දේශපාලනඥයන් නිසා මෙම ජනතාවට තවමත් අවතැන් කඳවුරුවල සිටීමට සිදුවී ඇති බවයි ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ.
The post තෙල්ලිපලෙහි නිවාස ව්‍යාපෘතිය ඉන්දික අනුරුද්ධ මහතාගේ නිරීක්ෂණයට appeared first on ITN News.
Post a Comment