Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට  

Add comments

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් ද අද පැවැත්වුණා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ රැස්වීමක්ද මේ වන විට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත් කර තිබෙනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පසුගිය 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඉන් පසුවයි එය ගැසට් කිරීමට පියවර ගැනුණේ. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ පවතින අඩු පාඩු සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් ද පත් කළා. එය ක්‍රියාත්මක වූයේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. 09 දෙනෙකුගෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල , අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ , රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , ඒස් විලේන්ද්‍රන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා , ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත යන මහත්වරුන්. එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් අතර එහි සිදු වන වෙනස්කම් කිහිපයක් පිළිබඳ එහි කරුණු වාර්තා කර තිබුණා.

ජනාධිපතිවරයාට පමණක් අදාළවන පරිදි ද්විත්ව පුරවැසිභාවයේ බාධාව පත්වාගෙන යා යුතු බවට කමිටුව එකඟ වුණා. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකු දක්වාත් කැබිනට් නොවන අමාත්‍ය ධුර 40 කටත් සීමා කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවා තිබූ සීමා එලෙසම පවත්වාගෙන යාමටයි තීරණය වුණේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ දැමීමටත් එහි ඝණ පූර්ණය සාමාජිකයන් 03 දෙනෙකු කිරීමටත් යෝජනා වී තිබෙනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට එරෙහිව යම් අයෙකු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒ සඳහා දින 07 ක කාලයක් හිමිවනවා. එසේම අධිකරණය හමුවේ යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම ක්‍රියාවලිය සඳහා හිමිවන්නේ සති තුනක කාලයක්. එම අධිකරණ තීන්දුවෙන් අනතුරුවයි දෙවන වර කියවීමේ විවාදය සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වන්නේ.

සමඟි ජනබලවේගය ද  අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුයි. එහිදී මෙම සංශෝධනය පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත් කර තිබෙනවා.

මේ අතර නෙලුම් මාවත පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ද විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ද 20 වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දීර්ඝ ලෙස අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.

The post 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG