ඉන්දියාවේ මුම්බායි නගරය අසල ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව විස්ස දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගොඩනැගිල්ල කඩා වැටී දින දෙකකට පසු එයට යට වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද උදෑසන නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ. කෙසේ වුවද පුද්ගලයින් දාහත් දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. කඩා වැටුණු ගොඩනැගිල්ලට යටව තවත් පුද්ගලයින් සිටීදැයි සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. කඩා වැටීමට ලක් වූ ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විත අතර එහි වූ නිවාස පනස් හතරේ ජීවත් වූ පුද්ගලයින් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ නින්දේ පසු වූ බවයි වාර්තා වන්නේ.
The post මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment